ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක් ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වයෙන් යුතු නිල ණය හිමි කමිටුව විසින් තහවුරු කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ශ්‍රි ලංකාවේ සියලුම නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බවයි. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල්  වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලැබෙනු ඇති බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.6ක් වන අතර එයට ඩොලර් බිලියන 10.94 ද්විපාර්ශ්වික ණය ඇතුළත්ය. මීට අමතරව ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ද ගිවිසුමකට එළඹිය යුතුය.

Share.

Comments are closed.