එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තාක්‍ෂණ-ටෙලිකොම් සමාගමක් ව​න Etisalat, දින හතරක නියමු වැඩ සතියක් ක්‍රියාත්මක කරයි. ​මෙවැනි පියවරක් සලකා බලමින් සිටින රජයට සම්බන්ධ තවත් ව්‍යවසායන් සම​ග රට තුළ සමස්ත වැඩ කිරීමේ ක්‍රමවේදයන්ගේ පෙරළිකාර වෙනසක් කිරීමට අපේක්ෂා කෙරේ.

“මෙම නියමු මුලපිරීම ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. අපි අපගේ නිෂ්පාදන සහ සේවාවන් අඛණ්ඩව නව්‍යකරණය කරනවා සේම, සේවා ස්ථාන උපාය මාර්ගික​ව නවීකරණය කිරීමේ අවශ්‍යතාවය ද අපි හඳුනා ගනිමු, අතීතයේ වැඩ කළ ආකාර​ය අනාගතයට නොගැලපේ.” Etisalat හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරි ඩෙනා අල්මන්සූරි පැවසීය.

වැඩපල නම්‍යශීලීභාවය සඳහා ගෝලීය අවශ්‍යතාවයක් වැළඳගත් පළමු තාක්ෂණ සමාගම බවට පත්වෙමිනුයි Etisalat සිය දෙපාර්තමේන්තු තුනක සේවකයින් සඳහා දින හතරක නියමු වැඩ සතියක් ආරම්භ කර තිබෙන්නේ.

නියමු පරීක්ෂණය සඳහා තෝරා ගන්නා සේවකයින්ට සිකුරාදා සිට ඉරිදා දක්වා දින තුනක සති අන්තයක් බුක්තිවිඳීමේ අවස්ථාව උදාවේ.

මීට අමතරව සමාග​මේ, සතියකට දින කිහිපයක් දුරස්ථව වැඩ කිරීමට හැකි සේවකයින් සම​ග දෙමුහුන් සේවා ස්ථානයක්​ද ක්‍රියාත්ම​ක ​වේ. මෙමගින් සිකුරාදා දි​න, ‘කාර්යාලවල බලශක්ති පරිභෝජනය සහ ප්‍රවාහනය හරහා කාබන් විමෝචනය අඩු කිරීම මගින් තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කිරීමට’ උපකාරී වේ.

මෑත අතීතයේදී, සුප්‍රසිද්ධ UAE සමාගම් කිහිපයක් දින හතරක වැඩ-සතියේ විකල්පයක් ගෙන ඒමට සලකා බැලූ බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. Etisalat සමූහ ව්‍යාපාරය පළමු පියවර ගෙන ඇති බැවින් තවත් අය ඊට සම්බන්ධ විය හැකි බව මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.

සාජාහි දැනටමත් රජයේ දෙපාර්තමේන්තු වල දින 4ක වැඩ සතියක් ක්‍රියාත්මක කරයි.

Share.

Comments are closed.

Exit mobile version