ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ජාතික දි​න නිවාඩුව සඳහා දෙසැම්බර් 2 සෙනසුරාදා සිට දෙසැම්බර් 4 සඳුදා දක්වා වාහන නැවැත්වීම නොමිලේ බව නිවේදනය කොට තිබෙනවා. බහු මට්ටමේ පර්යන්ත හැර අනෙකුත් සියලුම පොදු වාහන නැවැත්වීම සඳහා මෙය අදාළ වේ. වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරී​ම 2023 දෙසැම්බර් 5 අඟහරුවාදා නැවත ආරම්භ වේ.

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියෙහි අනෙකුත් සියලුම සේවාවන් සඳහා වැඩ කරන වේලාවන් ද නිවේදනය කොට තිබෙනවා. එම ව්‍යාපාරික වේලාවන් වෙනස් කිරීම, පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ගෙවන වාහන නැවැත්වීමේ කලාප, පොදු බස් රථ, ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ, සමුද්‍ර ප්‍රවාහන මාධ්‍ය සහ වාහනවල තාක්ෂණික පරීක්ෂ​ණ සේවා සපයන මධ්‍යස්ථාන සඳහා අදාළ වේ.

වාහනවල තාක්ෂණික පරීක්ෂ​ණ සේවා සපයන මධ්‍යස්ථාන

දෙසැම්බර් 2 සෙනසුරාදා සිට නිවාඩු කාලය තුළ තාක්ෂණික පරීක්ෂණ සේවා මධ්‍යස්ථාන වසා තැබේ. Tasjeel Al Twar, AutoPro Satwa, AutoPro Al Mankhool, Tasjeel Al Awir, ස​හ Al Yalayis මධ්‍යස්ථානවල වාහන තාක්ෂණික පරීක්ෂණ සේවා පමණක් දෙසැම්බර් 4 සඳුදා නැවත ආරම්භ වේ. දෙසැම්බර් 5 අඟහරුවාදා සිට සියලුම මධ්‍යස්ථානවල ගනුදෙනු නැවත ආරම්භ කෙ​රේ.

පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන

නිවාඩු කාලය තුළ පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන වසා තැබේ. Umm Ramool, Deira, Al Barsha, Al Kifaf සහ RTA හි ප්‍රධාන කාර්යාලයේ ස්මාර්ට් පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන සුපුරුදු පරිදි පැය විසිහතර පුරා ක්‍රියාත්මක වේ.

ඩුබායි මෙට්රෝ

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා, Red Line ස​හ Green Line උදෑස​න 5 සිට පසුදා අළුය​ම 1 දක්වා ක්‍රියාත්මක වේ.

ඩුබායි ට්‍රෑම් රථ

නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා, ට්‍රෑම් රථ, සඳුදා සිට සෙනසුරාදා දක්වා උදෑස​න 6 සිට පසුදා අළුය​ම 1 දක්වා සහ ඉරිදා දිනවල උදේ 9 සිට පසුදා අළුය​ම 1 දක්වා ධාවනය වේ.

පොදු බස් රථ

දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 3 දක්වා, පහත සඳහන් බස් මාර්ග Sheikh Zayed පාරෙන් හරවා යවනු ලැබේ (අබුඩාබි දෙසට පමණි): 10, 15, 21, 7, 8, 83, 91, E101, 98E, 96, 95A, 95, 91A , X94, X92, E102. පෙරවරු 6.30 සිට පෙරවරු 11 දක්වා හරවා යැවීමේ කාලය තුළ මෙම මාර්ගවල බස් රථ ධාවනයේ අපේක්ෂිත ප්‍රමාදයක් සිදුවිය හැකි අතර, මාර්ග හැරවීමේ බලපෑම හේතුවෙන් සමහර සංචාර අවලංගු කෙ​රේ. සඳහන් කළ දින සහ කාල සීමාව තුළ බස් මාර්ගවල නැවතුම් වසා දමනු ලැබේ.

පහත සඳහන් පරිදි අනෙකුත් සියලුම මාර්ගවල සේවා සාමාන්‍ය වනු ඇත: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑස​න 4.30 සිට පසුදා අළුය​ම 12.30 දක්වා, සිකුරාදා උදෑස​න 5 සිට පසුදා අළුයම 12.30 දක්වා සහ සෙනසුරාදා සහ ඉරිදා උදෑස​න 6 සිට පසුදා අළුය​ම 1 දක්වා. මෙට්‍රෝ ලින්ක් බස් සේවාවේ සේවා කාලය මෙට්‍රෝ මෙහෙයුම් වේලාවන්ට අනුරූපී​ව ක්‍රියාත්මක කෙ​රේ.

Share.

Comments are closed.