කීර්තිමත් World Travel Awards උළෙල ලොව හොඳම සංචාරක සන්නාමයන් හඳුනා ගන්නා අතර එහි වාර්ෂික ත්‍යාග පිරිනැමීමේ උළෙල පසුගියදා ඩුබායි බර්ජ් අල් ඇරැබ් හිදී පැවැත්විණි. මෙම සම්මාන පිරිනැමීමේ අවස්ථා​ව, World Travel Awards හි සංචාරක විශිෂ්ටත්වය සැමරීමේ 30 වැනි සංවත්සරයේ උච්චතම අවස්ථාව සනිටුහන් කළේය.

මැද පෙරදිග ගුවන් සේවා, හෝටල්, ආකර්ෂණී​ය ස්ථාන සහ සත්කාරක සන්නාම එදින රාත්‍රියේ සම්මානයට පාත්‍ර විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ සුප්‍රසිද්ධ දේශීය සන්නාම දෙකක් වන එමිරේට්ස් හා එතිහැඩ් ගුවන් සමාගම් විසින් පිරිනමනු ලබන, විවිධාකා​රවූ ඔවුන්ගේ සේවාවන් හා පහසුකම් ඉහල ඇගයීමකට හා සම්මානයට පාත්‍ර විය. ඒ අත​ර

සම්මාන ලැබූ එමිරේට්ස් සේවාවන්

  • ලොව ප්‍රමුඛතම පළමු පන්තිය 2023
  • ලොව ප්‍රමුඛතම ගුවන් ගමන් විනෝදාස්වාදය 2023
  • ලොව ප්‍රමුඛතම ත්‍යාග වැඩසටහන – ස්කයිවර්ඩ්ස්
  • ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සන්නාමය 2023: එමිරේට්ස්
  • ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපළ 2023: ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙ​ස විවිධ සම්මාන දිනා ගත්තේය.

සම්මාන ලැබූ එතිහැඩ් සේවාවන්

  • ලොව ප්‍රමුඛතම ගුවන් පාරිභෝගික අත්දැකීම් 2023
  • ලොව ප්‍රමුඛතම ගුවන් සේවය – Economy Class 2023
  • ලොව ප්‍රමුඛතම ගුවන් සේවා විවේකාගාරය – පළමු පන්තිය 2023
  • අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ස්පා සේවා​ව
  • ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපළ ක්‍රියාකරු 2023 ලෙ​ස විවිධ සම්මාන දිනා ගත්තේය.

World Travel Awards 2023 සම්මාන උළෙලේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධව සම්මානයට පාත්‍ර වූ අනෙක් සන්නාම, සේවා හා පහසුකම් අත​ර

  • ලොව ප්‍රමුඛතම ගුවන් ගමන් සේවා සපයන්නා 2023: dnata
  • ලොව ප්‍රමුඛතම බැලූන් සවාරි ක්‍රියාකරු 2023: Balloon Adventures Dubai
  • ලොව ප්‍රමුඛතම වෙරළ විලා නිකේතනය 2023: ඔබරෝයි බීච් රිසෝට්, අල් සෝරා, UAE
  • ලෝකයේ ප්‍රමුඛ නගර ව්‍යාපාරික හෝටලය 2023: ඉන්ටර්කොන්ටිනෙන්ටල් ඩුබායි – ෆෙස්ටිවල් සිටි, UAE

අදී වශයෙන් තවත් බොහොමයක් සංචාරක ක්ෂේත්‍රය හා සම්භන්ධ සන්නාමයන් සම්මාන වලින් පිදුම් ලැබීය.

Share.

Comments are closed.