විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(09) සිට ලබන 12 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙයි. දෝහා සංසදයේ සමුළුවට සහභාගී වීම මෙහි අරමුණයි. දෝහා සංසදය යනු, කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවකි.

ලෝකය මුහුණ දෙන තීරණාත්මක අභියෝග සාකච්ඡා කිරීම සඳහා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම එහි අරමුණු වේ. මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා, කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

Share.

Comments are closed.