අබුඩාබි සිට කටුනායක දක්වා අඩු වියදම් සහිත නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට දෙරට බලධාරීන් කටයුතු කර ඇත. ඒ අනුව මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) පැමිණියේය .

ගුවන් මගීන් 158 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකුගෙන් සමන්විත එයාර් ඇරබියා ගුවන් සේවයේ 3L – 197 දරන ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා විය. මෙම ගුවන් යානා සතියේ සෑම බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දිනකම රාත්‍රී 08.00 ට පැමිණෙන අතර , එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතය.

Share.

Comments are closed.