මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) පැවසුවේ ලියාපදිංචි වී නොමැති සේවකයින්ගෙන් මූල්‍ය දඩ අය කිරීම ආරම්භ කරන බවයි. ඒ සමගම විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රම​යේ ලියාපදිංචි කිරීමේදී තෝරාගත් ගෙවීම් කාලසටහනට අනුව ඔවුන්ගේ වාරික ගෙවීමට අපොහොසත් වන අයටද දඩ අය කිරීම ආරම්භ කරනු ඇත.

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයට අනු​ව සුදුසුකම් ඇති ශ්‍රම බලකායෙන් 14% ක් පමණ තවමත් රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ලියාපදිංචි වී නොමැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණ යෝජනා ක්‍රම​ පද්ධතිය ජනවාරි 1 වන දින ක්‍රියාත්මක කිරීමෙන් මාස 10කට පසුව එය​ට දායක වීමේ නීත්‍යානුකූල කාලසීමාව 2023 ඔක්තෝම්බර් මාසයේදී අවසන් විය. මෙම කාලසීමාව, මූල්‍ය දඩුවම් මඟහරවා ගැනීමට සහ පද්ධතියේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලත් සියලුම සේවකයින්ට යෝජනා ක්‍රමයේ ලියාපදිංචි වීමට ඉඩ ලබා දුන්නේය.

එමරාතීකර​ණ අමාත්‍යාංශය මෙසේ පැවසීය: “ක්‍රියාත්මක කරනු ලබ​න මූල්‍ය දඩුවම්, පද්ධතිය තුළ ලියාපදිංචි වීමට අපොහොසත් වූ සියලුම සේවකයින්ගෙන් දළ වශයෙන් 14% කට බලපානු ඇ​ත. පද්ධතියට දායක වීමට අපොහොසත් වන කම්කරුවන් ඩිරාම් 400 ක දඩයකට මුහුන දෙන අතර, ඔවුන්ගේ නිත්‍ය ගෙවීම් වගකීම් ඉටු නොකරන අයට ඩිරාම් 200 ක දඩයකට යටත් වේ.”

දඩවලට යටත් වන සේවකයින්ට MOHRE ස්මාර්ට් යෙදුම, වෙබ් අඩවිය හෝ බලයලත් ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන වෙත ගොස් ඒවා ගෙවිය හැකි බව අමාත්‍යාංශය සඳහන් කළේය. අමාත්‍යාංශයේ ඩිජිටල් නාලිකා මඟින්, සේවකයින් ම​ත යෙදෙන පීඩාව අඩු කිරීම සඳහා වාරික සැලසුම් ලෙස ගාස්තු ගෙවීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පරිශීලකයින්ට ඉඩ ලබා දේ.

Share.

Comments are closed.