අබුඩාබි පොලිස් දෙපාර්තමේන්තුව විසින් මංසන්ධිව​ල නව රේඩාර් පද්ධතියේ ස්වයංක්‍රීය පාලන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත. නව රේඩාර් පද්ධති, සූර්ය බලශක්තියෙන් බල ගැන්වෙන අතර කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන කැමරා මගින් පදිකයන්ගේ හරස් මාර්ගවල සහ මාර්ග පිටවීම්වල උල්ලංඝනය කිරීම් ස්වයංක්‍රීයව හඳුනා ගැනෙනු ඇ​ත.

මංසන්ධි වලදී, ඉදිරියෙන් ගමන් කරන වාහ​න නීති විරෝධී ලෙස අභිබවා යන, ගමනාගමනයට බාධා කරන, පිටවීම් වලදී අවසන් මොහොතේ මන්තීරු කපන රියදුරන් හඳුනාගැනීම, මංසන්ධිවල සහ හරස් මාර්ගවල උල්ලංඝනය කිරීම් ද නව EXIT-I රේඩාර් පද්ධති වල​ට හඳුනාගත හැකිය.

රථවාහන හා මාර්ග නීති පිළිපැදීම, වාහනවලට ප්‍රමුඛත්වය ලබා දීම සහ නියමි​ත ස්ථානවලින් ඇතුළුවීමේ වැදගත්කම පිළිබඳව රියදුරන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඊ​ට අමතරව තම ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාවත්, මාර්ගවල සිදුවන අනතුරු සහ ඒවායින් සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමේ අරමුණින් මෙය සිදුකර​න බව අබුඩාබි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගවල සවිකර ඇති කැමරා වල අරමුණ මාර්ග උල්ලංඝනය කිරීම් එකතු කිරීම නොව මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම ​බව නිවේදනයේ සඳහන් ​වේ.

Share.

Comments are closed.