ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලයන 500ක ණය මුදලෙහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව ඩොලර් මිලියන 250ක් ශ්‍රී ලංකාවට හිමි වන අතර මීට පෙර එහි පළමු වාරිකය ලෙස ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක් ලබා දීමට කටයුතු කර තිබුණි.

අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “Sri Lanka Resilience, Stability and Economic Turnaround Development Policy Operation” (RESET DPO) වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය හිමි විය. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල ලබා දීමට කටයුතු කර තිබේ.

මේ අතර ලෝක බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බවයි.

Share.

Comments are closed.