ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා බැලීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට අවසර නොලැබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව චාමර වීරසිංහ මහතා බැලීම සඳහා අවසර හිමිව ඇත්තේ ඒ මහතාගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකුට පමණි.අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සදහන් කරයි.

42 හැවිරිදි චාමර වීරසිංහ මහතා දෙසැම්බර් මුල් සතියේ පැවති ප්‍රසංගයකදීද අසනීප තත්වයන් පෙන්නුම් කර තිබූ අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දෙසැම්බර් 18 සටහනක් තබමින් ඉදිරි ප්‍රසංග අවලංගු කර ඇති බව දන්වා තිබුණි.
මොහුගේ අසනීප තත්වය ආරංචි වී සුවදුක් බැලීමට කළුබෝවිල රෝහල අවට පිරිස් රැස්ව ඇතැයි වාර්තාවූ අතර රෝහල් අධ්‍යක්ෂිකාව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එලෙස එක් රැස් නොවන ලෙසත් රෝගියාට උපරිම සත්කාර කරන්නට තමන්ගේ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවත් නිවේදනය කර ඇත.

Share.

Comments are closed.