2022 වසරේ මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ පවුල් සියයට 60කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ මුළු ආදායමේ අඩුවීමක් අත්විඳ තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
වැඩ කරන පැය ගණන අඩුවීම, වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයින් අඩුවීම, අලෙවිය පහළ යාම, රැකියා අහිමි වීම සහ රැකියා කොන්ත්‍රාත්තු තාවකාලිකව අත්හිටුවීම, මෙන්ම සත්ව ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යාම මීට හේතුවී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙරට පවුල් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය අවබෝධ කර ගැනීමේ අරමුණින් සිදුකළ සමීක්ෂණයක් හරහා මේ බව අනාවරණය වී තිබේ.

Share.

Comments are closed.