වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩය යටතේ අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන් ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ දහම් ලෝෂිත ප්‍රේමරත්න ශිෂ්‍යයා සමත්ව ඇත.

චිත්‍ර ඇදීමට සුවිශේෂී දස්කමක් ඇති දහම් ලෝෂිත විවිධ වූ ජාතික සහ ජාත්‍යන්තර තරගවලට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ. ඔහු නාසා ආයතනය මගින් සංවිධාන කල චිත්‍ර තරගාවලියටද මෙලෙස ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ”Living & Working in the Space – අභ්‍යාවකාශයේ ජීවත්වීම සහ වැඩ කිරීම” යන තේමාව යටතේ ඉදිරිපත් කළ මෙම චිත්‍රයට ලොව පළමු තැන හිමි වී ඇති බව වාර්තා වේ.

දහම්ගේ මෙම චිත්‍රය නාසා ආයතනයේ 2024 වසරේ දින දර්ශනයේ ජුලි මාසය සඳහා ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්‍ ය.

Share.

Comments are closed.