අලුත් අවුරුදු සැමරුම් සඳහා සහභාගීවන වැසියන්ට සහ සංචාරකයින්ගේ පහසුව සඳහා ඩුබායි මෙට්‍රෝ සහ ට්රෑම් යන පොදු ප්‍රවාහන සේවා දෙක දෙසැම්බර් 31වනදා සිට පැය 40ක කාලයක් නොනවත්වා ක්‍රියාත්මක වන බව මාර්ග හා ප්‍රවාහන අධිකාරියේ (RTA) උසස් නිලධාරියෙක් පසුගියදා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රධාන ප්‍රවාහන සේවා දෙක ක්‍රියාත්මක වන වේලාවන් වන්නේ:
- ඩුබායි මෙට්‍රෝ: දෙසැම්බර් 31 වෙනිදා උදේ 8 සිට ජනවාරි 1 මධ්‍යම රාත්‍රිය දක්වා
- ඩුබායි ට්රෑම් රථ: දෙසැම්බර් 31 වෙනිදා උදේ 9 සිට ජනවාරි 2 වෙනිදා අලුයම 1 දක්වා
මාර්ග හා ප්‍රවාහන අධිකාරිය විසින් බස් රථ 230 ක ඇණියක් මහජනතාවට නොමිලේ සේවාවන් ලබා දීමට මේ කාලසීමාව තුල යොදවනු ඇත.
RTA හි ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල්ලා යූසිෆ් අල් අලි පැවසුවේ, දීර්ඝ කරන ලද මෙට්‍රෝ සහ ට්රෑම් රථ සේවාවන්ද, අමතර වාහන නැවැත්වීමේ ඉඩකඩ සහ නොමිලේ බස්රථ ධාවනය සමඟින්, අධිකාරිය මහජනතාවට පහසු ප්‍රවාහන විකල්ප ලබා දීමට සහ මාර්ග තදබදය අවම කිරීමට උත්සාහ කරන බවයි.
නිත්‍ය කුලී රථ සේවා ද අලුත් අවුරුදු උදාව තුළ ක්‍රියාත්මක වනු ඇත.
“මෙම ක්‍රියාමාර්ග හරහා, RTA, ඩුබායි හි ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ එහි පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමට ඇති කැපවීම අඛණ්ඩව පෙන්නුම් කරයි” අල් අලි පැවසීය.
අමතර වාහන නැවැත්වීමේ පහසුකම්
අලුත් අවුරුදු උත්සව නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් ඇති බව සහතික කිරීම සඳහා RTA විසින් අල් වසල් සහ අල් ජෆිලියා හි අමතර වාහන නැවැත්වීමේ ස්ථාන 900 ක් පමණ සංවිධානය කර ඇත.
මෙම අමතර වාහන නැවැත්වීමේ පහසුකම් සැණකෙළි කාලය තුළ වාහන ගලා ඒම සඳහා පහසුකම් සැලසෙන අතර, සහභාගිවන්නන්ට තම මෝටර් රථ පහසුවෙන් සහ ආරක්ෂිතව ගාල් කිරීමට ඉඩ සලසයි.
මාර්ග සංඥා
උත්සව සමයේදී මගීන්ට සහ විනෝද වන්නන්ට මඟ පෙන්වීම සඳහා සංඥා පද්ධති සකස් කර ඇති බව අල් අලි පැවසීය. රථවාහන නැවැත්වීමේ ස්ථාන සහ බස් රථ නැවැත්වීමේ ස්ථාන සඳහන් කරමින් මාර්ග සංඥා මෙන්ම මාර්ග වැසීම, විකල්ප මාර්ග සහ විවෘත වන මාර්ග පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු සැපයීම සඳහා Intelligent Transportation Systems (ITS) සංඥා පුවරු සහ විචල්‍ය පණිවිඩ පුවරුද සවි කරනු ඇත.