හිස්බුල්ලා බලකොටුවක් වන බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන Dahiyeh හි ඩ්‍රෝන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.ඩ්‍රෝන යානය හමාස් කාර්යාලයකට කඩා වැදී පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බව ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

හමාස් නිලධාරීන් සහ ලෙබනන සුන්නි මුස්ලිම් කණ්ඩායමක් අතර පැවති රැස්වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ.
එහිදී පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු සහ ලෙබනන ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය සිය නියෝජ්‍ය නායකයාගේ මරණය තහවුරු කර ඇත.

Share.

Comments are closed.