සමුද්‍රික රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන සඳහා සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය වර්තමානයේදී සාගර සෞඛ්‍ය පිළිබඳ ගෝලීය මුල පිරීම් සඳහා නායකත්වය ලබාදෙමින් සිටින බව රජය පවසයි.

ඒ අනුව 2013 වන විට ගෝලීය සාගරයෙන් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කර ගැනීමත්,සාගර ආරක්ෂාව සහ තිරසර නීල ආර්ථිකයක් ළඟා කර ගැනීම සඳහා යුරෝ මිලියන 500ක් වටිනා “Blue Planet” අරමුදල ස්ථාපිත කිරීමත් හවුල්කාරීත්ව රටවල් වෙත එමගින් අවශ්‍ය අරමුදල් ලබාදීමත් කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ.

එක්සත් රාජධානියේ පරිසරය, ආහාර හා ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුව විසින්”Blue Planet” අරමුදලේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා ද්විපාර්ශවික හා බහු පාර්ශ්වික මට්ටමේ වැඩසටහන් සමූහයක් සැලසුම් කර ඇත.
එම වැඩසටහන් අතුරින් එකක් වන සමුද්‍රිත රාජ්‍යයන්ගේ හවුල්කාරීත්ව වැඩසටහන යටතේ සහාය ලැබීමට සුදුසු රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇතැයි රජය කියා සිටී.

Share.

Comments are closed.