බංග්ලාදේශයේ මහමැතිවරණය ජයගත් ෂීක් හසීනා පස්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඉදිරි වසර 5ක කාල සීමාවකට ඇය තවදුරටත් බංග්ලාදේශයේ අගමැති ධුරයේ කටයුතු කරනු ලබයි. 76 හැවිරිදි ෂේක් හසීනාගේ අවාමි ලීග් පක්ෂය එරට පාර්ලිමේන්තු ආසන 300කින් 223ක්ම ජයගෙන තුනෙන් දෙකක බලයක් ද අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හිටපු අගමැතිනිය නැවත බලයට පත්වීමේ අරමුණින් දූෂිත අයුරින් මැතිවරණය පවත්වනු ලබන බවට චෝදනා කළ බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන කලීඩා සියාගේ ජනතාවාදී පක්ෂය මෙවර මහමැතිවරණය වර්ජනය කළ අතර, සෙසු පක්ෂ මැතිවරණයට ඉදිරිපත්ව සිටි බව ද වාර්තා වේ. මීට පෙර 1996 සිට 2001 දක්වා පළමුවරට බංග්ලාදේශයේ අගමැති ධුරයට පත් වූ ෂීක් හසීනා අනතුරුව 2009 සිට අඛණ්ඩව මේ දක්වා තුන්වරක් එරට අගමැති ධුරයේ කටයුතු කර තිබේ.

Share.

Comments are closed.