ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සංචාරකනියෝජිතයන් අතර සම්බන්ධතාව වැඩි දියුණු කිරීම හරහා පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ සේවයක් සැපයීම සඳහා වන එන්.ඩී.සී. හෙවත් ‘වෙබ් ද්වාරය’ ඉන්දීය සංචාරක නියෝජිතයන් සඳහා විවෘත කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය කියා සිටී.

මෙම ‘වෙබ් ද්වාරය’ හරහා ලියාපදිංචි වන නියෝජිතයන් හරහා සුවිශේෂි ගුවන් ගාස්තු මෙන්ම නොමිලයේ දින සංශෝධනය කිරීමේ පහසුකම් ලැබෙන බවත් www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් එහි ලියාපදිංචි වියහැකි බවත් වැඩිදුරටත් සඳහන් වේ.
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා හදුන්වා දී තිබෙන මෙම නව උපාංගය හරහා සංචාරක නියෝජිතයන්ට ගුවන් සේවය සමඟ සෘජුව සම්බන්ධ වීමට ලැබීම හරහා එම ක්ෂේත්‍රය මෙතෙක් මුහුණ දුන් සංකීර්ණතාව මඟ හැරෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.  

Share.

Comments are closed.