වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.
ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයන් හිතුමතේ භාණ්ඩවල මිල ඉහළ දමන බවත් පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

රුපියල් 300 ක සිල්ලර මිලක පැවැති පරිප්පු කිලෝවක මිල වැට් බදු වැඩිවීමත් සමඟ මේ වන විට රුපියල් 350 ත් 400 ත් අතර මුදකට අළෙවි කරන බව සඳහන් වේ. රුපියල් 290 කට පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 325 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පාරිභෝගිකයෝ පවසති.

රුපියල් 260 ක සහ රුපියල් 230 ක උපරිම මිලක් නියම කර ඇති කීරි සම්බා සහ සම්බා සහල් දැඩි හිඟයක් මේ වන විට වෙළෙඳපොලේ පවති බව කියන පාරිභෝගිකයෝ ඇතැම් වෙළෙඳසැල් තොග සඟවාගෙන කීරි සම්මා කිලෝවක් රුපියල් 300ක අධි මිලකට සහ සම්බා කිලෝවක් රුපියල් 250 ක ඉහල මිලකට අළෙවි කරන බව කියා සිටියි.
ලංකා සතොස ඇතැම් භාණ්ඩ විවෘත වෙළෙඳපොලේ මිලට වඩා වැඩි මුදලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.  
ඇතැම් සුපිරි වෙළෙඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.

Share.

Comments are closed.