දිවයිනේ සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (10) පැවසීය.

මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති අතර ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක  කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ඊයේ (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පල කලේය.

Share.

Comments are closed.