ඉන්දියාව දෙසින් හමා එන දූෂිත වායු ධාරා රටට ඇතුළුවීම හේතුවෙන් රට පුරා වායු දූෂණ මට්ටම ඉහළ ගොස් ඇති අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක‍ වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර ඇත. ඉන්දියාවේ සිට හමාගෙන එන සුළං වල බලපෑම මත ඊයේ (16 ) දිනයේදී මෙරට දිස්ත්‍රික්ක රැසක වාතයේ ගුණාත්මක තත්ත්වය ඉතා පහළ අගයක් වාර්තා කර තිබේ.
මේ හේතුවෙන් යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශ වල වායූ ගුණාත්මකභාවය තවදුරටත් පහළ වැටි ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව ඊයේ පෙරවරු 8.30 ට කුරුණෑගල නගරයේ වායු තත්ත්ව දර්ශයේ දත්ත අනුව දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 275 ක් වැනි ඉතා වැඩි අගයක් පෙන්නුම් කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින් එලිමහන් ස්ථානවලදී මුව ආවරණ පැළඳීම සුදුසු බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා සඳහන් කරයි.

Share.

Comments are closed.