ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන ඇත. එය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ඊයේ (17 ) පැවසීය .
ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නව ගුවන් යානය ඊයේ(16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ .

පුළුල් බදු සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන  බව දීපාල් පෙරේරා මහතා පැවසීය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම් වලට යම් මට්ටමක විසදුමක් ලෙස මෙම නව ගුවන් යානය රැගෙන තිබේ.

Share.

Comments are closed.