ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම (2023- 2028)ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මිනිසා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම මහජන සෞඛ්‍ය අවදානම් දහය අතුරින් එකක් ලෙස ක්ෂුද්‍ර    ජීවී ප්‍රතිරෝධය හඳුනාගනු ලැබ තිබේ. ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධ බලපෑම මත ඖෂධ ප්‍රතිරෝධක බැක්ටීරියා මගින් වාර්ෂිකව සෘජුවම මරණ මිලියන 1.27ක  ප්‍රමාණයක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේදී ඇස්තමේන්තු ගත කර තිබේ.

එම තත්ත්වය මත එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන ෆ්⁣ලෙමින් අරමුදලේ ප්‍රධාන වැඩසටහන මගින් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 25කට පමණ ප්‍රති ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස සහාය ලබා දෙනු ලබයි. එම ප්‍රධාන වැඩසටහන් යටතේ ෆෙමින් අරමුදලේ සහාය ලබා ගනිමින් ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Share.

Comments are closed.