සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත(ඔන්ලයින් ) පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (2) නිකුත් විය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා සම්මත වුයේ දින දෙකක විවාදයෙන් පසුවය. ඉන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත්  කෙටුම්පතට (1) දා සහතිකය සටහන් කිරීමෙන් පසු බලාත්මක විය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද මාර්ගගතව කරනු ලබන තහනම් ප්‍රකාශ වලින් ආරක්ෂාව සැලසීම සඳහාද මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතා කිරීම වැළැක්වීම සඳහාද ශ්‍රී ලංකාවේ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනීම සඳහා සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද තහනම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩ පැවැත්වීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසදවූ පනත් කෙටුම්පතක් බව මෙහි සඳහන් වේ.

Share.

Comments are closed.