සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද(03) පෙරවරු 6.30 ට අවසන් විය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (02) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බවද වෘත්තීය සමිති සමාජිකයෝ වැඩිදුරටත් පවසයි.

වෛද්‍යවරුන්ට ගෙවනු ලබන රුපියල් 35,000 රාජකාරී බාධා / පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කළේය. පලමු දා පෙරවරු 6.30 ට මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඇරඹුණි.

Share.

Comments are closed.