භාණ්ඩා­ගාර බිල්පත් මිල දී ගැනී­මට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන ප්‍රමා­ණ­ය­ටත් වඩා අධි ඉල්ලු­මක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වසරේ ජන­වාරි මස අව­සන් දින පව­ත්වනු ලැබූ රුපි­යල් මිලි­යන 40,000ක් වටිනා භාණ්ඩා­ගාර බිල්පත් නිකු­තුව සඳහා රුපි­යල් මිලි­යන දෙල­ක්ෂය ඉක්මවූ අධි ඉල්ලු­මක් පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳ­හන් කරයි.

භාණ්ඩා­ගාර බිල්පත් සඳහා ගෙවන සාමාන්‍ය ඵලදා අනු­පා­ති­කය වන 11.97%, 12.20% සහ 12% යටතේ මේ භාණ්ඩා­ගාර බිල්පත් භාර ගැනී­මට කට­යුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපා­ර්ත­මේ­න්තුව වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.
රුපි­යල් මිලි­යන 40,000ක් වටිනා භාණ්ඩා­ගාර බිල්පත් වෙන්දේ­සි­යට LKA09124E033, LKA18224H025 සහ LKA36425A310 යන සුරැ­කුම් හඳුනා ගැනීමේ ජාත්‍ය­න්තර අංක දරන භාණ්ඩා­ගාර බිල්පත් ඉදි­රි­පත් කළ බවද එම දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කලේය.

Share.

Comments are closed.