ඊශ්‍රා­ය­ලය සහ පල­ස්තී­නය අතර සිර­ක­රු­වන් නිද­හස් කර­ගැ­නීම සඳහා ඊජි­ප්තුව සහ කටාර් රාජ්‍යයේ මැදි­හ­ත්ක­රු­වන්ට නව සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ හමාස් සංවි­ධා­නය සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇත්තේ සිව්වැනි වරට බවයි.

මානු­ෂීය ආධාර අපේ­ක්ෂා­වෙන් බලා සිටි පල­ස්තීන ජාති­ක­යන් පිරි­ස­කට ඊශ්‍රා­ය­ලය ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 20 දෙනකු පමණ පෙරේදා මිය ගිය බවත්, තවත් 150කට අධික පිරි­සක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළහ. මේ දින­වල පැවැ­ත්වෙන රාම­දාන්   උප­වාස සමය සඳහා මානු­ෂීය ආධාර වැඩි­යෙන් අවශ්‍ය වී ඇති අතර, දකුණු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ මධ්‍ය­ස්ථා­න­ය­කට ද ඊශ්‍රා­ය­ල­යෙන් ප්‍රහාර එල්ල වීමෙන් පල­ස්තීන ජන­තාව දැඩි දුෂ්ක­ර­තා­වට පත්ව ඇතැයි ද වාර්තා වේ.

එම ප්‍රහා­රය සැල­සුම් කරනු ලැබූ ප්‍රහා­ර­යක් බව ගාසා තීරයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය ඇතු­ළත පල­ස්තී­නු­වන් 31,341 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් 73, 134 දෙනකු තුවාල ලබා ඇතැයි ද ගාසා තීරයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වැඩි­දු­ර­ටත් නිවේ­ද­නය කර ඇතැයි සඳහන් වේ.

Share.

Comments are closed.