බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (18) ප්‍රකාශයට පත් කෙරිණි.

ධනංජය ද සිල්වා එහි නායකත්වය දරන  අතර,  කුසල් මෙන්ඩිස් උප නායක ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 නායක වනිඳු හසරංග ද  එම සංචිතයට කැඳවා තිබේ.

2021 වසරේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයෙන් අනතුරුව වනිඳු හසරංග සහභාගී වන පළමු ටෙස්ට් තරගය මෙයයි.

මීට අමතරව හිටපු නායකයින් වන  දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් ද මෙම සංචිතයට කැඳවා ඇත.
සචිතයට ඇතුලත් අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ, නිෂාන් මදුෂ්ක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව  ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ චාමික ගුණසේකර යි.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ සංචිතය ඊයේ  ප්‍රකාශයට පත් කළේ ය.
නජ්මුල් හුසේන් ශැන්ටෝ එම කණ්ඩායම මෙහෙයවන අතර නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ඇතුළත් නොවූ ලිටන් ඩාස් ද, නම් කළ සංචිතයට ඇතුළත් වේ.

මේ අතර නවක වේග  පන්දු යවන්නන් වන නහීඩ් රානා සහ මුස්ෆික් හසන් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට කැඳවා ඇත. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන සිකුරාදා සිලෙට්හි දී ආරම්භ වීමට නියමිතයි.

Share.

Comments are closed.