මෙරට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කළ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාව අතරතුරදීය.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

මේ අතර වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් ද වතු වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාව දැනුවත් කළහ.
එහිදී නව රැකී රක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

Share.

Comments are closed.