සුරාබදු දෙපාර්තමේන්තුවේ වසර 111ක ඉතිහාසයේ එක් දිනක් තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් බිලියන එකයි දශම තුනකට වැඩි (මිලියන 1395ක්) මුදලක් අය කර ගැනීමට එම දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.

මෙම බදු ආදායම එකතු කර ඇත්තේ පසුගිය 03 වන දා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේය.

2024 මුල් මාස 03 තුළ සුරාබදු ආදායම ලෙස රුපියල් මිලියන 5124 ක් උපයා ඇති බවත්, එය 2023 වර්ෂයේ මුල් මාස 03 හා සසඳා බැලීමේදී 26.4%ක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, සිංහල ,හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරසැල් අප්‍රේල් 12 සහ 13 යන දිනයන්හිදී වසා තැබීමට නියමිතයි.

Share.

Comments are closed.