මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

ඒ ශ්‍රී ලාංකිකයින් පිරිස රඳවා සිටින ප්‍රදේශය හමුදා පාලනයෙන් බැහැරවීම හේතුවෙන් ය.

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රදවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව අප මාස කිහිපයකට පෙර අනාවරණය කළේ ය.

රඳවා ගෙන සිටින පිරිස අතුරින් 8 දෙනෙකු පසුගියදා මුදා ගැනිණ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානපති ජානක බණ්ඩාර මහතා පැවසුවේ මුදාගත් පිරිස තායිලන්තය හරහා මෙරටට එවීමට කටයුතු කරන බවය.

Share.

Comments are closed.