ඉදිරි ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර ඇත.

එසේම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂකයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා වන ඇප මුදල රුපියල් 11,000 ක් දක්වාත්, ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප මුදල රුපියල් 16,000 ක් දක්වාත් ඉහළ දමා තිබේ.

පළාත් සභා ඡන්ද විමසීමේ පනත අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සඳහා ඇප තැන්පතුව රු. 6,000 ක් දක්වාත් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු 11,000 ක් වන ලෙස එම ඇප තැන්පතු ගාස්තු ඉහළ දමා ඇතැයි සඳහන්.

Share.

Comments are closed.