ලොකු ළුෑණු අපනයන සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා උපරිම සීමාවකට යටත්ව මෙරටට ලොකු ළුෑණු අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගිතාවය මත උත්සව සමය වෙනුවෙන් එම තහනම ඉවත් කර තිබේ.

ඉන්දියාව ළුෑණු අපනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ අපේ රටේ ළුෑණු මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. ඉන් අනතුරුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉහළ මිල ගණන්වලට ලොකු ළූණු අලෙවි කිරීමට සිදු විය.

Share.

Comments are closed.