සීගිරිය සහ දඹුල්ල ආශ්‍රිත සංචාරක කලාප සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස්  ලබා දී ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

2019 වසරේදී ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කෙරිණි.

ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල ඇමරිකා ඩොලර් මිලියන 30කි. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. 


සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම, ආර්ථික සංවර්ධනය හා ආදායම් උත්පාදනය කිරීම සහ පාරිසරික කළමනාකරණය  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණු කීපයක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසීය.

Share.

Comments are closed.