ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.

එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773කි. පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 ක් රැස්කරමින් ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස නැවතත් ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත.

එම තරගයේ දී චමරි අතපත්තුගේ නවවැනි එක්දින ශතකය එහිදී වාර්තා කළ අතර එය කාන්තා එක්දින තරගවලදී සාර්ථක හඹායාමක ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ඇය එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නටාලි ස්කයිවර්-බ්‍රන්ට් තබා තිබූ වාර්තාවද පසු කිරීමට සමත් වීම විශේෂත්වයකි.

Share.

Comments are closed.