ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා නිල සංචාරයක් සඳහා අද(24) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. 

පෙරවරු 9.30ට ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන බව සඳහන් වේ.

අනතුරුව ඔහු උමා ඔය බහුකාර්ය ව්‍යපෘතියේ ජල විදුලි බලාගාරය විවෘත කිරීමට නියමිත අතර ඉරාන ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පස්වරුවේදී කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ද්වීපාර්ශ්වික ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිතය. ඉන්පසු රාජ්‍ය නායකයින් දෙදෙනා විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට සැළසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

2021 වසරේ සිට ඉරානයේ ජනාධිපති ධුරය හොබවන ආචාර්ය ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතා එම තනතුරට පත්වීමට පෙර 2019 සිට 2021 දක්වා ඉරානයේ අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළේ ය.

ආචාර්ය රයිසි මහතා 2014 – 2016 කාලසීමාවේ ඉරානයේ නීතිපතිවරයායි.
ඔහු මෙදින මෙරටට පැමිණෙන්නේ පාකිස්ථානයේ දින 3ක සංචාරය අවසන් කරමිනි.

Share.

Comments are closed.