යාපනයේ සංගානෙයි ප්රදේශයේ ඤාණවෛරවර් කෝවිලේ පැවැති වෙන්දේසියකදී පොල් ගෙඩියක් රුපියල් 4000 බැගින් වෙන්දේසි වී තිබේ.
කෝවිල් උත්සවයේදී පොල්ගෙඩි 14ක් දෙවියන් වෙනුවෙන් කැප කොට පූජා කිරීමෙන් පසුව ඒවා බැතිමතුන් ඉදිරියේ වෙන්දේසි කළ අවස්ථාවේදී එතරම් ඉහළ මිලකට පොල් අලෙවි වී ඇත.
පොල්ගෙඩි 13ක් මින් පෙර (23) දා අලෙවි වී ඇත්තේ එකක් රුපියල් 2000කට වඩා වැඩි මිලකටය.
යාපනයේ සංගානෙයි මාවඩි තරුණ සංගමය විසින් මෙවර කෝවිලේ උත්සවය සංවිධානය කටයුතු සිදු කර තිබේ.