සංචාරකයෙකු තම ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කර ඇත.

සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර තිබේ.

සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී නම් කර ඇත. එහිදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි විණි.

එහි පළමු තැන තායිලන්තයටත් දෙවන ස්ථානය ග්‍රීසියටත් හිමි විය.  තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමි අතර සිව්වන ස්ථානයේ  පෘතුගාලය පසු වෙයි.

මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික සංචාරකයන් ඇතුලු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මත බව සඳහන් වේ.

Share.

Comments are closed.