ලෝක පැරා ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී ජනනි ධනංජනා ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගෙන ඇත. තරගාවලිය පැවැත්වෙන්නේ මොරොක්කෝවේ මරකෙච් හී දී ය.

ටී -47 කාණ්ඩයේ මීටර 100 ධාවන ඉසව්වෙන් තරග වැදුනු ජනනි ධනංජනා දැක්වූ දක්ෂතාව තත්පර 13.75කි.

මේ අතර අනිල් ප්‍රසන්න තම පෞද්ගලික හොදම කාලය වාර්තා කරමින් ටී-42 කාණ්ඩයේ මීටර 100 ධාවන තරගයෙන් රිදී පදක්කම දිනා ගත්තේය.  තත්පර 12.84ක දක්ෂතාවක් ඔහු දැක් වීය.

බුද්ධික ඉන්ද්‍රපාල ක්‍රීඩකයා ලෝකඩ පදක්කම කර ගත්තේ තත්පර 13.34ක දක්ෂතාවක් පෙන්නුම් කරමිනි.

Share.

Comments are closed.