එමීර් රාජ්‍යයේ පවත්වන Grand Prix  මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා හෙට ශ්‍රී ලංකා මලළ ක්‍රීඩක, ක්‍රීඩිකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.
හෙට (03) ඩුබායි පොලිස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන එමීර් රාජ්‍ය Grand prix මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු තරඟ වදිති.

ඒ අනුව කාන්තා මීටර් 400 ධාවන ඉසව්ව සඳහා නදීෂා රාමනායක ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.15 ට තරඟයට සහභාගී වනු ඇත.
පිරිමි මීටර් 100 ධාවන තරඟයට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු  7.50 යුපුන් අබේකෝන් තරඟ වැදීමට නියමිතය.

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 9.00 ට තරඟ බිමට පිවිසීමට සූදානම් බවද වාර්තා වේ.

Share.

Comments are closed.