ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගත්හ.

ස්කොට්ලන්තය සමග පැවති අවසන් මහා තරගය ලකුණු 68කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

අබුඩාබිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළෝය.
නායක චමරි අතපත්තු ලකුණු 102ක්, පන්දු 63ක් තුල රැස් කලාය.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 101ක් පමණි.
උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක් දවා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ සිය ස්ථානය තහවුරු කර ගෙන තිබේ.

Share.

Comments are closed.