තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 16 ත් අතර පවත්වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මැතිරවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිරවයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව  නියමිත කාලය තුළදී නාම යෝජනා කැඳවන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය.

Share.

Comments are closed.