එලඹෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දින හතරක් සුරා සැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව වෙසක් පසළොස්වක පොහෝය දිනය යෙදී ඇති මැයි 23 සිට 24 යන දෙදින මෙම අලෙවි සැල් දිවයින පුරා වසා තැබෙනු ඇති.
එසේම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන මාතලේ දිස්ත්‍රික්කයේ ඇති සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Share.

Comments are closed.