ශ්‍රී ලංකාවේ මීළඟ ගෝලීය ආයෝජන ගමනාන්තය බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය, ශක්තිමත් ආයෝජක යාන්ත්‍රණයක් ඔස්සේ විවිධ සමාගම්වලට තම ව්‍යාපාර සංවර්ධනයට අවස්ථාව සලසා දී තිබේ. කොළඹ වරාය නගරය අනාගත ශ්‍රි ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය මෙන්ම ආයතනික සබඳතා සඳහා ලෝක මට්ටමේ මධ්‍යස්ථනයක් බවට පත්කර ගැනීමේ මූලික අරමුණ පෙරදැරිව, සාම්ප්‍රදායික නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරමින්, සේවා අපනයනය සඳහා යොමු වූ සමකාලීන පද්ධතියක් දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීම මේ ඔස්සේ සිදු කෙරේ.

ඒ හරහා විදෙස් මුදල් ඒකක දහසයක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව, ප්‍රාග්ධනය සහ ලාභය නැවත ගෙන්වා ගැනීම, විදෙස් හිමිකාරිත්වය ඇතුළු 100% උපාය මාර්ගික වැඩසටහන් සමඟින් කොළඹ වරාය නගරය, ජාත්‍යන්තර ව්‍යාපාර වෙත ආයෝජනය කිරීමට සහ ඔවුන්ගේ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය හිතකර කොන්දේසි සපයන අතරම, රැකියා උත්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර ද ගනු ලැබේ.

මේ සෑම පියවරකින්ම කොළඹ වරාය නගරය අරමුණු කරන්නේ, තොරතුරු තාක්‍ෂණය, සැපයුම්, වාණිජ සේවා සහ තවත් බොහෝ දේවල සමකාලීන ප්‍රවණතා මෙහෙයවමින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයට දායක විය හැකි ප්‍රධාන ව්‍යාපාරික ආයෝජන භාවිත කොට විදේශ විනිමය රට තුළට ගලා ඒම වර්ධනය කිරීමයි. කොළඹ වරාය නගරය, සෘජු විදේශ ආයෝජන ගලා ඒම කෙරෙහි අවධානය යොමු කරමින්, වාණිජ ආයතන දිරිගැන්වීම සඳහා සුදුසුකම් සපිරූ බලයලත් පුද්ගලයන් (Authorized Persons – AP’s) ලෙස නම් කර ඇති උපායමාර්ගික වැදගත්කමකින් යුතු ව්‍යාපාර (Businesses of Strategic Importance – BSI) වෙනුවෙන් විශේෂ අවස්ථා සලසයි. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ සිදුකරන ව්‍යාපාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු නියාමනය සහ පරිපාලනය සිදු වන්නේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මඟිනි.

Share.

Comments are closed.