ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.

මේ අතර 2024 අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල දළ සංචිත ප්‍රමාණය USD බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බව තවදුරටත් දැක්වේ.

ඒ අනුව 2024 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රුපියල USDට සාපේක්ෂව 8%ක පමණ සමස්ත අගයක් වාර්තා කර තිබේ.

Share.

Comments are closed.