ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.

එහි භාණ්ඩාගාරික ප්‍රියංගනී සුසංගිකා මහත්මිය පැවසුවේ, වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් මව්පියන් ප්‍රමිතියෙන් තොර බාල සබන් වර්තමානයේ තම බිළිඳුන් සඳහා භාවිතා කරන බවත් එහි බලපෑම ඇතිවන්නේ අනාගතයේදී බව සඳහන් කලාය.

තමන්ගේ දරුවන්ගේ සබන් භාවිතා කිරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කළ සහතිකය සහිත බේබි සබන් වර්ගයක් භාවිතා කරන ලෙස ඇය වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි.

Share.

Comments are closed.