පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබාදෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙරට 34,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරුන්ට ඉදිරියේදී එම දීමනාව හිමිවනු ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේය.

අගුණකොළපැලැස්සේ දී ඊයේ (09) පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැත් වීය. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන තීරණය පසුගිය සතියේ දී රජය විසින් ගත් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටි අතර පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව පැවසූ අමාත්‍යවරයා එහිදී කියා සිටියේ පෙර පාසැල් ගුරුවරුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන් බවයි.

Share.

Comments are closed.