ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම විධායක මණ්ඩල රැස්වීමේදී 2024 වසර සඳහා 4 වන වගන්තිය යටතේ උපදේශනය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ප්‍රමාණවත් සහ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවයි.

ණය වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර වාණිජ ණයහිමියන් සමග කඩිනමින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවන බව ද ජුලි කොසැක් මහත්මිය අවධාරණය කලාය.

Share.

Comments are closed.