විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටින්නේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත රැගෙන පැමිණීම කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි.

සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.