රුමේනියාවේ රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කර මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිදරව් වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මාතර ප්‍රදේශයේ ආයතනයක් පිහිටුවා එම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.
එය පවත්වාගෙන ගිය සැකකරු අත්තඩංගුවට ගෙන ඇති අතර රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් ඔහු මෙසේ මුදල් අයකර ගෙන තිබේ.

රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 130 කට අධික මුදල් ප්‍රමාණයක් වංචා කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි 53ක් එම කාර්යංශයට ලැබී තිබේ.

එම රැකියා නියෝජිත ආයතනය මීට පෙර කාර්යංශයේ ලියාපදිංචිව සිට ඇත. එහි රැකියා බල පත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 වැනිදායින් අවසන් වී තිබේ.

අත්තඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේය.
මීට අමතරව එම පුද්ගලයාට විදෙස් ගතවීමද තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

Share.

Comments are closed.