මෙවර හජ් වන්දනා සමයේදී ඒ සඳහා සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි.

මියගිය එම 550 දෙනාගෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් බව වාර්තා වේ. මොවුන්ගෙන් වැඩි දෙනා දැඩි ලෙස විජලනයට පත්ව සිටි බව ද සඳහන් ය. දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්දනා කටයුතු සිදු කරද්දී, බොහෝ දෙනකු තෙරපී සිහිසුන් වූ බවත්, රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් සිටි බවත් සෞදි බලධාරීන් පැහැදිලි කර තිබේ.

Share.

Comments are closed.